තලවාකැලේ නාවලපිටිය ප්‍රධාන පාරේ බව්වාගම හරියේදී මහවැලි ගඟ හරහා සාදා තිබෙන පාලමෙන් පහල කොටසේ ගගේ තිබී පුද්ගල මළසිරුරක් හමුවී තිබෙනවා.
ඊයේ (17) වැඩ ඉවරවෙලා වෙනදා එන වෙලාවට ගෙදර ආවේ නැති හින්දා ගෙදර අය ඔහු ගැන පොලිසියට පැමිණිලි කරලා.පොලියෙන් සෝදිසි කරනකොට තමයි අභිරහස් විදිහට මිය ගිහින් හිටපු මේ තරුණයාගේ මල සිරුර හම්බවෙලා තියෙන්නේ.මහවැලි ගඟේ තිබිලා මේ විදිහට ගොඩගත් තරුණයකුගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණයට නාවලපිටිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යය වරයා වෙත යොමු කරන්න කියලා නාවලපිටිය මහේස්ත්‍රාත් අධීකරණයෙන් වැඩ බලන මහේස්ත්‍රාත් අමිල ප්‍රසාද් මහතා නාවලපිටිය පොලිසියට නියෝග කරලා. මේ මියගිය පුද්ගලයා නාවලපිටිය නගරයේ පෞද්ගලික ඖෂධ වෙළඳසැලක තමයි වැඩ කරලා තියෙන්නේ.ඒ වගේම මේ පුද්ගලයා නාවලපිටිය සේලන්බ්‍රිජ් ප්‍රදේශයේ පදිංචිව සිටි කේ ආදිත්‍යන් නැමැති 20 හැවිරිදි තරුණයෙක්.