එන්නතක් නිසා පාසල් සිසුන් 14ක් රෝහලේ

අනුරාධපුර, මිහින්තලේ ප්‍රාදේශිය රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් ඇති වූ අසාත්මිකතාවයක් මත රෝගී වූ පාසල් සිසුන් 14 දෙනෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් බළධාරීන් ප්‍රකාශ කළා.

සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනු සිසුන් පිරිසක් පසුගිය 13 වනදා මිහින්තලේ ප්‍රාදේශිය රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.

ඔවුන්ට රෝහලෙන් ලබාදුන් ඖෂධ පානය කිරීමෙන් පසු යම් ආසාත්මිකතාවන් ඇතිවූ බව මව්පියන් පවසනවා.

ඒ, අනුව සිසුන් පිරිසක් ඊයේ පස්වරුවේ අනුරාධපුර ශික්ෂන රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ මිහින්තලය රෝහලෙන් ලබාදුන් ඖෂධ හේතුවෙන් මෙම ආසාත්මිකතා ඇතිව තිබෙන
බවයි.

දරුවන් 09 දෙනෙකු මේ වනවිටත් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ආසාත්මිකතා තත්ත්වයන් ඇති වූ මෙම දරුවන් සියලුදෙනා අවුරුදු 06ත් 12ත් අතර වයස්වල පසුවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?