AFC Banner
Empty Ad
Empty Ad

එජාප මහ ලේකම් ධුරයෙන් එල වූ බව කියූ රංගේ මාධ්‍ය හමුවක් කැඳවයි (වීඩියෝ)

තමන් තවමත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස් වී නොමැති බව පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

අද (30) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් තමන්ව මහ ලේකම් ධුරයෙන් ඉවත් කළ බවට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

මේ අතර තමන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් කළත්. ඉවත් වුවත් තමා දිගටම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවයි ඔහු මෙහිදී පැවසුවේ.

තමාව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත්කර ඇති බවට ඇතැම් මාධ්‍යවල පළවන වාර්තාවලට පිළිතුරු සැපයීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
54
+1
4
+1
3
+1
5
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?