එජාපයේ විශේෂ සම්මේලනයක් ලබන ඉරිදා

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක් ලබන ඉරිදා (25) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මෙම සම්මේලනය පැවැත්වෙන බවයි වාර්තා වුණේ.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ යෝජනාවට මෙහිදී අනුමැතිය ගැනීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය ලබාදීමට සමගි ජන බලවේගයේ සිට පැමිණි සියලු මන්ත්‍රීවරුන් මෙම සම්මේලනයට සහභාගී වීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?