එක වරම අරගලයට ආව “මැණිකේ” ගේ හිතේ තියන දේවල්

යොහානි කියන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවුන එක රැයින් ජාත්‍යන්තරය ජය ගත් තරුවක්.මේ දිනවල පවතින තත්වයන් සහ විරෝධතාවයන් සඳහා යොහානි මේ දක්වා කතා නොකල නිසා ඇගේ ශ්‍රී ලාංකික රසිකයින් නම් හිටියේ තරමක නොරුස්සන ස්වභාවයකින්.

නමුත් මෙන්න යොහානි එකවරම “උට්ඨානයට පත්වෙලා” මේ තත්වය පිළිබඳ සටහනක් ඇගේ මුහුනුපොතේ පිටුවේ පලකර තිබුනා.ඒ විතරක් නෙමෙයි ඇය ආධාර එකතු කිරීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබුනා.ඒ සදහාත් වේ වෙනකොට ඩොලර් දහස ඉක්මවායන අධාර ප්‍රමානයක් ලැබී තිබුනා.

කොහොම නමුත් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් නම් කියන්නේ යොහොනි තවත් හෑශ් ටැග් එකක් මේ අරගලයලය උස්සන් එන්න හදනවා විතරයි කියලයි.

මොකද මේ යොයානිගේ ෆෝ ශ්‍රී ලංකා හැෂ් ටැග් එක මීට කලින් අගමැතිතුමාගේ සෝෂල් මීඩියා කැම්පේන් සදහා භාවිත කල ටැග් එකක්.

කොහොම නමුත් ඇය ඇගේ සටහන් වලම කියනවා නේ ඇයට මේ දේශපාලනය වගේ කාරනා ගැන දැණුමක් නැහැ කියලා.ඉතින් ඒ නිසා ඇයට මේ ගැන ලොකු තේරුමකුත් නැතුව ඇති.
කොහොම වුනත් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ බොහෝ කලාකරුවන් වගේ තාරකාවන් මේ අරගලයට දායකවන බව අපිට දකින්නට ලැබෙනවා.

මේ තියෙන්නේ ඇය මුහුනුපොතේ පල කල සටහන ,

ආයුබෝවන් ! ඇඟ බේරා ගැනීමට නොවෙයි. අවසානය වන තෙක් කියවන්න.
අපේ රට ගැන ජාත්‍යන්තරය ඍණාත්මකව දැකීම අවම කර ගන්න මෙම සටහන සිංහලෙන් ලිකිතව තැබීමට කල්පනා කලෙමි. මමත් ඔබත් සමගයි. මේ මොහොතේ ලංකාවේ නැති වුණත් ඔබේ අරගලය මගෙත් අරගලයයි.
නිහඬව සිටියේ ප්‍රතිපත්තියක් ලෙස, දේශපාලනය ගැන කතා නොකරන බැවිනුත් , දේශපාලනය ගැන සැලකිය යුතු දැනුමක් නැති බැවිනුත් , එක දාගන්න විතරක් අරගලයට සම්බන්ද වීමට අකමැති බැවින්ය. නමුත් අපේ රට පන නැංවීමට අලුත් දූරදර්ශී නායකයන් පිරිසක්ද, එය පිලිවෙලින් කිරීමට විෂය පිලිබඳ උගත් විශේෂඥ පිරිසක්ද අවශ්‍ය බව මම පෞගලිකව විශ්වාස කරමි. කාටවත් ඇඟිල්ලක් දික් කර වැරදි පෙන්නන්න පරිනත නැති බැවින්, මේ අරගලයේදී මමත් ඔබ සමගයි පමණක් කියමි.
ඔබෙත් මගෙත් අනාගතය සුරකින්න ඕන නායකයින්, දේශපලකයින් ඔවුන්ගේ වගකීම සහ යුතුකම් පැහැර හැරීම හේතුවෙන් මගේ රට පත්ව තිබෙන තත්වය ගැන ඔබට දැනෙන වේදනාව මටත් නොඅඩුව දැනෙනවා.
මමත් මගේ කණ්ඩායමත් නිර්මාණකරුවන් විදිහට පමණක් කටයුතු කරන පිරිසක්. ඇතැම් උත්සව අවස්ථා වල දේශපාලකයන් මුණ ගැසී, ඔවුන් සමග කතා බහ කර තිබුනත්, මමත් මගේ කණ්ඩායමත් කිසි විටෙක දේශපාලන පක්ෂයක් සමග කටයුතු කර නැති බව වගකීමෙන් ඔබට ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. දේශපාලනය නිසා කිසියම් ප්රතිලාභයක්ද ලබා නැත. මගේ පියා ගැන ආටෝප ලිවීමට අවශ්‍ය නැත.
මමත් මගේ කණ්ඩායමත් තරුණ වෘතිමය නිර්මාණකරුවන් පිරිසක්. 2019 අප්‍රේල් මාසයේ සිට ඔලුව උස්සන්න හදන පිරිසක්. ඉදිරි මාස 6දී ලංකාවේ සැලසුම් කර තිබු වෘතිමය කටයුතු කිසිවක් කිරීමට පරිසරයක් නැති වීම ගැන කණගාටු වෙමු.
අපිට දැනෙන වේදනාව, එදා වේල හොයාගන්න බැරි අම්මලා , තාත්තලට , ඉස්කෝලේ යන්න බැරි නංගිලා, මල්ලිලාට , බෙහෙත් හොයාගන්න බැරි ආච්චිලා , සීයලාට දැනෙන විදිහ මට හිතා ගන්න බැහැ.
ඔවුන් වෙනුවෙන් යමක් කරන්නයි කල්පනාව. අපේ පිටරට සිටින රසිකයන් , මිතුරන් එකතු කරගෙන විදේශ විනිමය ඇමරිකානු ඩොලර් මිලියනයක් සමූහ අරමුදලක් ලෙස එකතු කර , ලංකාව තුල ආහාර සහ ඖෂධ සඳහා වැය කිරීම සඳහා පරිත්‍යාග කිරීමට ක්‍රියා මාර්ගයක් හදමින් සිටිමු. වැඩ කරන අතර , මගේ යු ටියුබ් නාලිකාවේ සහ අනෙකුත් ස්ට්‍රීමින් නාලිකා වල ඉදිරි මාස 3 ආදායම මේ සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙමි.
මගෙත් එක්ක මේ ක්‍රියාවලියට “ෆෝ ශ්‍රී ලංකා” For Sri Lanka පදනම එකතු වී ඇත. අපි වැඩක් කරන්න හදන තරුණ පිරිසක්. ඔබේ සහය බලාපොරොත්තු වෙමු. අඩුපාඩු පෙන්වා දෙන්න.
Donation Link: https://bit.ly/forsrilanka_gofund
ජය!
කෙල්ල

0q9Lq02.png
Ut8UPze.png
May be an image of 1 person and text that says "THE ORIGIN OF #FORSRILANKA HASHTAG Yohani 2h updated their profile picture. SLankn's Coming Together to Strengthening our future generations through sustainable initiatives. Donate here: https://bit.ly/forsrilanka_ For Sri Lanka කොල්ලුපිටිය පැරණි මහල් 40කින් සමන්විත නවින පහ බහු-මහල් වෙළෙ ප්‍රතිනිර්ම එම වෙළඳ පරිශ්‍රය නිවාස පරිශ්‍ර, කාර්යාල පරිශ්‍ර, සාද උත්සව ශාලා, අවන්හල් ඇතුළු බොහෝ අත්‍යවශ්‍ය පහසුකම් ලබා ගැනීමට අවස් #FORSRILANKA රටට වැඩක්"
මොකද මේ යොයානිගේ ෆෝ ශ්‍රී ලංකා හැෂ් ටැග් එක මීට කලින් අගමැතිතුමාගේ සෝෂල් මීඩියා කැම්පේන් සදහා භාවිත කල ටැග් එකක්.

image 22
විදේශ විනිමය ඇමරිකානු ඩොලර් මිලියනයක් සමූහ අරමුදලක් ලෙස එකතු කර , ලංකාව තුල ආහාර සහ ඖෂධ සඳහා වැය කිරීම සඳහා පරිත්‍යාග කිරීමට ක්‍රියා මාර්ගයක් හදමින් සිටිමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?