AFC Banner
AFC Banner
Empty Ad

‘එක මිටට ගොවි බිමට’ අද ඇරඹේ

රට පුරා ප්‍රයෝජනයට නොගත් සියලුම ඉඩම් වගා කිරීම අරමුණු කරගත් ජාතික වැඩසටහනක් අද (15) ආරම්භ කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ මෙම ජාතික වැඩසටහන ‘එක මිටට ගොවි බිමට’ ලෙස නම් කර ඇති බවයි.

මෙම වැඩසටහන යටතේ දිවයින පුරා ප්‍රයෝජනයට නොගත් ඉඩම් හඳුනාගෙන ඒවා වගා කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසුවා.

වගා නොකරන කුඹුරු සහ ගොඩ ඉඩම්වල ඉඩම් හිමියන්, භුක්තිකරුවන් සහ වගාකරුවන් වෙත තමන්ට අයත් ඉඩම වගා කරන ලෙස දන්වමින් ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීම සඳහා නිවේදන පත්‍රිකාවක් ලබාදීමට නියමිත අතර, මෙම දැනුවත් කිරීම අද (15) දින ආරම්භ කර පෙබරවාරි 23 දක්වා සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?