එක් ගුරුවරයෙකුගේ තැපැල් ඡන්දය තවත් ගුරුවරයෙක් දාලා

තැපැල් ඡන්දට සලකුණු කිරීමේ දී වෙනත් අයෙකුගේ ඡන්දය භාවිත කළ පාසල් ගුරුවරයෙක් සහ එම තැපැල් ඡන්ද මධ්‍යස්ථානය භාරව ක්‍රියාකළ නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බව පුත්තලම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සුනන්ද හේරත් පවසනවා.

පාසල් ගුරුවන් තැපැල් ඡන්දය සලකුණු කිරීමට ඉකුත් 04 වනිදා සිදුකළ අතර, හලාවත – පම්බල පිහිටි කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ ද තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබුණා.

එම ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය භාවිත කිරීමට පැමිණි ගුරුවරයෙකුට එම ඡන්ද මධ්‍යස්ථානය භාරව කටයුතු කළ නිලධාරියා විසින් වෙනත් ගුරුවරයෙකුට අයත් ඡන්ද පත්‍රිකාවක් මෙම ගුරුවරයාට නිකුත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ගුරුවරයා තමන්ට නිකුත් කරන ලද ඡන්ද පත්‍රිකාවේ තම ඡන්දය සටහන් කර පිටත්ව ගොස් ඇති අතර, පසුව පැමිණි ගුරුවරයෙක් තමන්ගේ ඡන්දය භාවිත කිරීම සදහා අවසර ඉල්ලා තිබෙනවා.

එහිදී ලේඛන පරීක්ෂාකර ඇති ඡන්දය මධ්‍යස්ථානය භාරව කටයුතු කළ නිලධාරියා පවසා ඇත්තේ එම ඡන්දය පාවිච්චිකර ඇති බවයි.

ඒ අනුව එම පාසල් ගුරුවරයාට තම ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලැබී නැහැ.

ඡන්දය භාවිත කිරීම අවසන් වූ විට ලේඛන පරීක්ෂා කිරීමේ දී සිදුවී ඇති දෝෂය හදුනාගෙන ඇති අතර, ඉතිරිව තිබූ එක් ඡන්ද පත්‍රිකාවකින් ඒ බව අනාවරණය වී තිබෙනවා.

ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ ගුරුවරයාගේ ඡන්දය භාවිත කර ඇත්තේ ඔහුගේ නමට සමාන නමක් ඇති වෙනත් ගුරුවරයෙකු විසින් බවට එහි දී අනාවරණය වී තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් පුත්තලම තේරීම් භාර නිලධාරීවරයා වෙත වාර්තා කිරීමට අදාළ ඡන්ද මධ්‍යස්ථානය භාරව සිටි සහකාර තේරීම් භාර නිලධාරීයා කටයුතු කර ඇති බව සඳහන්.

එහිදී තමන්ට ලැබී ඇති වාර්තාව මැතිවරණ කොමිෂම වෙත යොමුකර අවශ්‍ය ඉදිරි පියවර විමසා සිටි බව පුත්තලම තේරීම් භාර නිලධාරීවරයා සදහන් කළා.

කෙසේ වෙතත් තැපැල් ඡන්දය අහිමි වූ ගුරුවරයාට තම ඡන්දය භාවිත කිරීමට අවසර ලබාදීම සදහා, වෙනත් අයෙකුගේ ඡන්දයක් භාවිත කළ ගුරුවරයා සහ ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරියා සමබන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක කළ යුතු බවයි ගත යුතු බවයි පුත්තලම තේරීම් භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර වෙනත් අයෙකුගේ ඡන්දය භාවිතා කළ සහ ඡන්දය අහිමි වූ පාසල් ගුරුවරුන් දෙදෙනාම මාදම්පේ ප්‍රදේශයේ එකම පාසලක සේවය කරන ගුරුවරුන් බව අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?