එක් ගුරුවරයෙකුගේ තැපැල් ඡන්දය තවත් ගුරුවරයෙක් දාලා

තැපැල් ඡන්දට සලකුණු කිරීමේ දී වෙනත් අයෙකුගේ ඡන්දය භාවිත කළ පාසල් ගුරුවරයෙක් සහ එම තැපැල් ඡන්ද මධ්‍යස්ථානය භාරව ක්‍රියාකළ නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බව පුත්තලම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සුනන්ද හේරත් පවසනවා.

පාසල් ගුරුවන් තැපැල් ඡන්දය සලකුණු කිරීමට ඉකුත් 04 වනිදා සිදුකළ අතර, හලාවත – පම්බල පිහිටි කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ ද තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබුණා.

එම ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය භාවිත කිරීමට පැමිණි ගුරුවරයෙකුට එම ඡන්ද මධ්‍යස්ථානය භාරව කටයුතු කළ නිලධාරියා විසින් වෙනත් ගුරුවරයෙකුට අයත් ඡන්ද පත්‍රිකාවක් මෙම ගුරුවරයාට නිකුත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ගුරුවරයා තමන්ට නිකුත් කරන ලද ඡන්ද පත්‍රිකාවේ තම ඡන්දය සටහන් කර පිටත්ව ගොස් ඇති අතර, පසුව පැමිණි ගුරුවරයෙක් තමන්ගේ ඡන්දය භාවිත කිරීම සදහා අවසර ඉල්ලා තිබෙනවා.

එහිදී ලේඛන පරීක්ෂාකර ඇති ඡන්දය මධ්‍යස්ථානය භාරව කටයුතු කළ නිලධාරියා පවසා ඇත්තේ එම ඡන්දය පාවිච්චිකර ඇති බවයි.

ඒ අනුව එම පාසල් ගුරුවරයාට තම ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලැබී නැහැ.

ඡන්දය භාවිත කිරීම අවසන් වූ විට ලේඛන පරීක්ෂා කිරීමේ දී සිදුවී ඇති දෝෂය හදුනාගෙන ඇති අතර, ඉතිරිව තිබූ එක් ඡන්ද පත්‍රිකාවකින් ඒ බව අනාවරණය වී තිබෙනවා.

ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ ගුරුවරයාගේ ඡන්දය භාවිත කර ඇත්තේ ඔහුගේ නමට සමාන නමක් ඇති වෙනත් ගුරුවරයෙකු විසින් බවට එහි දී අනාවරණය වී තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් පුත්තලම තේරීම් භාර නිලධාරීවරයා වෙත වාර්තා කිරීමට අදාළ ඡන්ද මධ්‍යස්ථානය භාරව සිටි සහකාර තේරීම් භාර නිලධාරීයා කටයුතු කර ඇති බව සඳහන්.

එහිදී තමන්ට ලැබී ඇති වාර්තාව මැතිවරණ කොමිෂම වෙත යොමුකර අවශ්‍ය ඉදිරි පියවර විමසා සිටි බව පුත්තලම තේරීම් භාර නිලධාරීවරයා සදහන් කළා.

කෙසේ වෙතත් තැපැල් ඡන්දය අහිමි වූ ගුරුවරයාට තම ඡන්දය භාවිත කිරීමට අවසර ලබාදීම සදහා, වෙනත් අයෙකුගේ ඡන්දයක් භාවිත කළ ගුරුවරයා සහ ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරියා සමබන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක කළ යුතු බවයි ගත යුතු බවයි පුත්තලම තේරීම් භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර වෙනත් අයෙකුගේ ඡන්දය භාවිතා කළ සහ ඡන්දය අහිමි වූ පාසල් ගුරුවරුන් දෙදෙනාම මාදම්පේ ප්‍රදේශයේ එකම පාසලක සේවය කරන ගුරුවරුන් බව අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30