එක් කෝටි දහසය ලක්ෂයක් පමණ වටිනා බීඩිකොළ එක්ක අයෙක් අත්අඩංගුවට

මීගමුව – කුටිදුව වෙරළ තීරයේ දී තීරු බදු රහිතව මුහුදු මාර්ගයෙන් මෙරට ආනයනය කරන ලද රුපියල් එක්කෝටි 16 ලක්ෂයක් පමණ වටිනා බීඩිකොළ කිලෝ 2032 ක් පමණ තොගයක් පටවාගෙන ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සැකකරුවකු සමග අද (02) අලුයම දී අත්අඩංගුවට ගත් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යටියන – මිනුවන්ගොඩ ලිපිනයේ පදිංචි සජිත් බුද්ධික කුමාර බාලසූරිය නමැති අයෙක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?