එක් කෝටිය ඉක්ම වූ කුෂ් තොගයක් ටොෆි අතරින් හමුවෙයි

රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයක් පමණ වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක්, ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර, සිය ගමන් මළු තුළ සූක්ෂ්ම ලෙස සඟවාගෙන ආ විදේශිකයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු ඊයේ (04) අදාළ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යාමට තැත් කිරීමේදියි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකාර ගුවන් මගියා ඊයේ පස්වරුවේ 05.10ට ඉන්දියාවේ – නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මොහු 45 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු බවත් ඔහු ඉන්දියාවේ චෙන්නායි නුවර ජංගම දුරකථන අලෙවිසැළක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු බවත් වාර්තා වනවා.

ඔහු රැගෙන ආ ගමන් මළු තුළ වූ ටොෆී සහ චොකලට් අඩංගු පැකට් තුළ මෙම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 40 ක ප්‍රමාණය සඟවාගෙන තිබියදීයි සොයා ගැනුණේ.

මොහුගේ සහෝදරයෙකු කොළඹ ප්‍රදේශයේ පදිංචි වී සිටින අතර, මීට පෙර අවස්ථා කිහිපයකදී ම එම සහෝදරයා මුණ ගැසීමේ මුවාවෙන්, මෙරටට පැමිණ ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය කර ගැනීමට හැකි ව තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමග මෙම ඉන්දීය ජාතික ගුවන් මගියා අද (05) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉන්පසුව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානය වෙත මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා භාරකිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?