AFC Banner
Empty Ad
Empty Ad

එක්ස් සමාජ මාධ්‍ය වේදිකාවේ මෝදිගේ අනුගාමිකයින් මිලියන 100 පනී

සමාජ මාධ්‍ය වේදිකාවක්වන එක්ස් හි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ අනුගාමිකයින් පිරිස මිලියන 100 ඉක්මවා තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් එක්ස් සටහනක් තබමින් ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රකෝටිපතියෙකු වන ඉලෝන් මස්ක් පැවසුවේ වැඩිම අනුගාමිකයින් පිරිසක් සිටින රාජ්‍ය නායකයා බවට පත්වීම සම්බන්ධයෙන් සුබ පැතුම් එක්කරන බවයි.

මේ අනුව හිටපු එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමාට පසුව වැඩිම අනුගාමිකයින් පිරිසක් සිටින ලෝක දේශපාලනඥයා බවට මෝදි පත්වුණා.

ඔබාමාට එක්ස් හි අනුගාමිකයින් මිලියන 131 කට වඩා සිටිනවා.

තුන්වැනි ස්ථානයේ සිටින 2024 ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා සහ හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුගාමිකයින් පිරිස මිලියන 87 ක් ඉක්මවනවා.

මිලියන 38 කට අධික අනුගාමිකයින් සමඟ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සිව්වැනි ස්ථානයේ පසුවනවා.

එක්ස් හි වැඩිම අනුගාමිකයින් පිරිසක් සිටින්නේ, 2022 ඔක්තෝබර් මාසයේදී Twitter (දැන් X) අත්පත් කරගත් ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක් හටයි.

එම අගය මිලියන 190ක්.

දෙවැනි ස්ථානයේ පසුවන්නේ හිටපු ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමායි .

එක්ස් හි මිලියන 112 කට අධික අනුගාමිකයින් සමඟ, පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තුන්වැනි ස්ථානයේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?