එක්ස් සමාජ මාධ්‍ය වේදිකාවේ මෝදිගේ අනුගාමිකයින් මිලියන 100 පනී

සමාජ මාධ්‍ය වේදිකාවක්වන එක්ස් හි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ අනුගාමිකයින් පිරිස මිලියන 100 ඉක්මවා තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් එක්ස් සටහනක් තබමින් ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රකෝටිපතියෙකු වන ඉලෝන් මස්ක් පැවසුවේ වැඩිම අනුගාමිකයින් පිරිසක් සිටින රාජ්‍ය නායකයා බවට පත්වීම සම්බන්ධයෙන් සුබ පැතුම් එක්කරන බවයි.

මේ අනුව හිටපු එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමාට පසුව වැඩිම අනුගාමිකයින් පිරිසක් සිටින ලෝක දේශපාලනඥයා බවට මෝදි පත්වුණා.

ඔබාමාට එක්ස් හි අනුගාමිකයින් මිලියන 131 කට වඩා සිටිනවා.

තුන්වැනි ස්ථානයේ සිටින 2024 ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා සහ හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුගාමිකයින් පිරිස මිලියන 87 ක් ඉක්මවනවා.

මිලියන 38 කට අධික අනුගාමිකයින් සමඟ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සිව්වැනි ස්ථානයේ පසුවනවා.

එක්ස් හි වැඩිම අනුගාමිකයින් පිරිසක් සිටින්නේ, 2022 ඔක්තෝබර් මාසයේදී Twitter (දැන් X) අත්පත් කරගත් ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක් හටයි.

එම අගය මිලියන 190ක්.

දෙවැනි ස්ථානයේ පසුවන්නේ හිටපු ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමායි .

එක්ස් හි මිලියන 112 කට අධික අනුගාමිකයින් සමඟ, පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තුන්වැනි ස්ථානයේ පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44