එක්ස්ප්‍රස් පර්ල් ගිනි ගැනීමට වගකිව යුත්තේ නෞකා බලධාරීන් – නීතිපති

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුළ තිබූ නයිට්‍රික් අම්ල අඩංගු බහාලුම් දෙකකින් මෙම අම්ල කාන්දුව සිදු වී ඇති අතර ඒ පිළිබඳ ව දින 09ක් තිස්සේ දැනුවත්ව සිටිය ද එය වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නෞකාවේ බලධාරීන් කටයුතු කර නොමැති බවත් බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම ඛේදවාචකය හටගත් බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පාරිසරික හානිය සහ ධීවරයින්ට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගත් අවස්ථාවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව කියා සිටියා.

කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු ධීවර ප්‍රජාව විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදු වනවා.

එම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ නෞකාව ගිනිගැනීම හේතුවෙන් සිදු වූ පාරිසරික හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙන බව සඳහන් කර සිටියා.

අදාළ නෞකාවේ ගබඩා කර තිබූ නයිට්‍රික් අම්ල කාන්දුවීම හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට විමර්ශනවල දී කරුණු අනාවරණය වී ඇතැයි කියා සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඊට එම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම එහි හිමිකාර සමාගම වගකිවයුතු බව අවධාරණය කළා.

අදාළ නෞකාව තුළ තිබූ නයිට්‍රික් අම්ල අඩංගු බහාලුම් දෙකකින් මෙම අම්ල කාන්දුව සිදු ව ඇති අතර ඒ පිළිබඳ ව දින 09ක් තිස්සේ දැනුවත්ව සිටිය ද එය වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නෞකාවේ බලධාරීන් කටයුතු කර නොමැති බවත් බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම ඛේදවාචකය හටගත් බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළා.

මේ සම්බන්ධයෙන් වග උත්තරකරුවන් වෙත වගකීම් පැවරිය නොහැකි යැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඊට අදාළ ව සුදුසු අධිකරණවල නඩු පවරා අදාල නෞකාවේ හිමිකරුවන්ගෙන් වන්දි ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් කියා සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව පෞද්ගලික පාර්ශවයන්ගෙන් වන්දි අයැද සිටීමට මූලික අයිතිවාසිකම් පෙත්සම් තුළින් හැකියාව නොමැති බවත් මීට අදාළව වන්දි අය කරදෙන ලෙස ඉල්ලා රජය විසින් ගොනුකර තිබෙන නඩුවලට අදාළ වන්දි මුදල් ලැබීමෙන් පසුව පීඩාවට පත් වුවන්ට වන්දි ගෙවීමට කටයුතු කරන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?