එක්ස්ප්‍රස් පර්ල් ගිනි ගැනීමට වගකිව යුත්තේ නෞකා බලධාරීන් – නීතිපති

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුළ තිබූ නයිට්‍රික් අම්ල අඩංගු බහාලුම් දෙකකින් මෙම අම්ල කාන්දුව සිදු වී ඇති අතර ඒ පිළිබඳ ව දින 09ක් තිස්සේ දැනුවත්ව සිටිය ද එය වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නෞකාවේ බලධාරීන් කටයුතු කර නොමැති බවත් බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම ඛේදවාචකය හටගත් බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පාරිසරික හානිය සහ ධීවරයින්ට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගත් අවස්ථාවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව කියා සිටියා.

කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු ධීවර ප්‍රජාව විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදු වනවා.

එම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ නෞකාව ගිනිගැනීම හේතුවෙන් සිදු වූ පාරිසරික හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙන බව සඳහන් කර සිටියා.

අදාළ නෞකාවේ ගබඩා කර තිබූ නයිට්‍රික් අම්ල කාන්දුවීම හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට විමර්ශනවල දී කරුණු අනාවරණය වී ඇතැයි කියා සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඊට එම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම එහි හිමිකාර සමාගම වගකිවයුතු බව අවධාරණය කළා.

අදාළ නෞකාව තුළ තිබූ නයිට්‍රික් අම්ල අඩංගු බහාලුම් දෙකකින් මෙම අම්ල කාන්දුව සිදු ව ඇති අතර ඒ පිළිබඳ ව දින 09ක් තිස්සේ දැනුවත්ව සිටිය ද එය වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නෞකාවේ බලධාරීන් කටයුතු කර නොමැති බවත් බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම ඛේදවාචකය හටගත් බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළා.

මේ සම්බන්ධයෙන් වග උත්තරකරුවන් වෙත වගකීම් පැවරිය නොහැකි යැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඊට අදාළ ව සුදුසු අධිකරණවල නඩු පවරා අදාල නෞකාවේ හිමිකරුවන්ගෙන් වන්දි ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් කියා සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව පෞද්ගලික පාර්ශවයන්ගෙන් වන්දි අයැද සිටීමට මූලික අයිතිවාසිකම් පෙත්සම් තුළින් හැකියාව නොමැති බවත් මීට අදාළව වන්දි අය කරදෙන ලෙස ඉල්ලා රජය විසින් ගොනුකර තිබෙන නඩුවලට අදාළ වන්දි මුදල් ලැබීමෙන් පසුව පීඩාවට පත් වුවන්ට වන්දි ගෙවීමට කටයුතු කරන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15