එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට ශ්‍රි ලංකාවෙන් දැවැන්ත ඉලක්කයක්

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමත් වු අතර ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි.

එහිදි මුලින් ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසනයේ ලකුණු 355 ක් ලබා ගත්තේ කඩුලු 6ක් දැවී.

පැතුම් නිස්සංක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු 76කදී ලකුණු 57ක් රැස්කලේ හතරේ පහර 5ක් සමඟින්,දිමුත් කරුණාරත්න පන්දු 54කදී ලකුණු 52ක් රැස්කලේ හතරේ පහර 7ක් තම ඉණිමට එක්කරමින්.

කුසල් මෙන්ඩිස් සාර්ථක පිතිකරණයක නියෙලුණු අතර හතරේ පහර 10ක් සමගින් පන්දු 63කදී ලකුණු 78ක් රැස්කළා.

සධීර සමරවික්‍රම පන්දු 64කදී ලකුණු 73ක් රැස්කළා.

චරිත් අසලංක පන්දු 23කදී ලකුණු 48යි.

පන්දු යැවීමේදී අලි නසීර් කඩුලු 2ක් දවාගත්තේය.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට ජයග්‍රාහණය සදහා 356 රැස්කලයුතු වෙනවා.

මෙම තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ හි බුලවායෝ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !