එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයින් පිරිසක් කොළඹ වරාය නගරයේ සංචාරයක

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයින් පිරිසක් පසුගිය 14 වැනි දින විශේෂ සංචාරයක් සඳහා කොළඹ වරාය නගරයට පැමිණ තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින්, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ කොළඹ වරාය නගරය (PCC) නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත් වූ බව සඳහන්.

පෝට් සිටි සංවර්ධනය සහ අනාගතය සඳහා වන සැලසුම් පිළිබඳ දූත පිරිසට පුළුල් දළ විශ්ලේෂණයක් ලබා දී ඇති අතර, එය නියෝජිත පිරිසගේ පැසසුමට ලක් ව තිබෙනවා.

ඉන් අනතුරුව නියෝජිත පිරිස PCC Marina හි සංචාරයක් ද සිදු කර තිබෙනවා.

පෝට් සිටි යනු හෙක්ටයාර 269ක භූමි ප්‍රදේශයක් ආවරණය කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක්.

වාණිජ සහ නේවාසික ව්‍යාපාරික අවස්ථා රැසක් ලබා දෙමින් රට සඳහා නව ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම එහි අරමුණයි.

මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට රැකියා උත්පාදනය සහ විදේශ ආයෝජන ඉහළ නැංවීම ඇතුළු සැලකිය යුතු ආර්ථික ප්‍රතිලාභ අත්කර දීමට අපේක්ෂිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05