කුරුණෑගල සිට නුවරඑළිය හරහා බණ්ඩාරවෙල දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් ඊයේ (28) පස්වරුවේ අනතුරට ලක්ව තිබෙනවා.
ගම්පොළ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය බඹරකැලේ වත්ත ප්‍රදේශයේ දී මෙම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් තුවල් ලැබූ කුඩා ළමුන් දෙදෙනෙක් ඇතුළු සිව්දෙනෙකු නුවරඑළිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මෝටර් රථය මාර්ගයේ ලිස්සා ගොස් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
අනතුරින් මෝටර් රථයට ද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
1
+1





