AFC Banner
Empty Ad
Empty Ad

රහසිගතව භූමදානය කළ සිරුරක් යළි ගොඩගනී

පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ රහසිගතව භූමදානය කළ 56 හැවිරිදි පුද්ගලයෙකු මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යළි ගොඩ ගැනීම අද (10) සිදුවිය.

ඒ පුත්තලම මහෙස්ත්‍රාත්වරයා සහ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඉදිරියේදීය.

මීට හේතු වී තිබුණේ අදාළ පුද්ගලයාගේ මරණයෙන් දින දෙකකට පසුව බිරිඳ හා දියණිය ද කොවිඩ් වැලඳී මියගොස් තිබීමය.

පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ 51 හැවිරිදි මවක් හා 37 හැවිරිදි ඇගේ දියණිය එලෙස ඉකුත් 06 වනදා කොවිඩ් වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්වී තිබුණි.

දින දෙකකට පෙර එම පවුලේ පියා මියගොස් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?