අම්බලන්තොට බැරගම මාර්ගයේ ගෙවල් දහය ගම්මානයේදී පෙරේදා ( 15 ) වැනිදා රාත්රී 53 හැවිරිදි තිදරු පියකුගේ බෙල්ල කපා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි අම්බලන්තොට පොලිසිය කියයි .
සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පුතකු ගෙල කැපු බවට සැක කෙරෙන පිහිය ද සමග සැකපිට අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය
53 හැවිරිදි පියකුගේ මෙසේ ගෙල කපා ඇතැයි පොල් කැඩීමේ රැකියාවේ නිරත වන පිය පුතු දෙපළ මත් පැන් පානය කිරීමෙන් ඇතිවූ ආරවුලක් මත පොල් කඩන පිහියෙන් තම පියාගේ ගෙල කපා ඇති බව අම්බලන්තොට මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි .
නිරන්තරයෙන් මත්පැන් පානය කර පියා සහ පුතා ආරවුල් ඇති කර ගන්නා බවද ( 15 ) රාත්රි විදුලිය කපා ඇති අවස්ථාවේ මෙම සිදුවීම සිදු වූ බවද පොලිසිය කළ පරීක්ෂණ වලදී හෙළි වී ඇත . නිවෙසින් පිටත මාර්ගයේදී ගෙලකපා ඇති අතර එම ස්ථානයේ ලේ පැල්ලම් රැසක් හා හිස් බීර කෑන් එකක්ද තිබූ බව පොලිසිය කියයි . ගෙල කපා තුවාල ලැබූ පුද්ගලයා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇත .
රෝගියා රොහලේ ප්රතිකාර ලබමින් සිටී . අම්බලන්තොට පොලිස් ස්ථානයේ ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරික්ෂ කෙ ජගත් විජේගුණරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සේනාරත්න මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ සිදු කරති .
