එකක් ගහන විඩියෝ එකනේ..දෙන්නට අඩියකුත් ගහල ඉන්න පුළුවන්

පාසල් දැරියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිකර ඔවුන්ව ගණිකා වෘත්තියේ යෙදවීමේ මහා පරිමාන ජාවාරමක් වැටලීමට මාතර කොට්ඨාශ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ නිලධාරීන් සමත් වුණා.

වයස අවුරුදු 14 ක දැරියක් මත්ද්‍රව්‍ය භාවිතා කරන මෙම දර්ශන වට්ස් ඇප් සමාජ ජාලය හරහා හුවමාරු කිරීමට සංවිධානාත්මක පිරිසක් පසුගිය දිනවල කටයුතු කර තිබුනා.

කිසිදු දෙමාපියෙකු විශ්වාස නොකරන තරමට බරපතළ මේ සිදුවීමට සම්බන්ධ දැරිය මාතර, වැලිගම ප්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යාවක් බවයි මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය සිදුකළ විමර්ශනයේදී හෙළිවුයේ.

ඒ අනුව අදාල දැරිය කඩිනමින් පොලිස් භාරයට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ නිවසට පැමිණෙන වැඩිහිටියෙකු විසින් ඇයට මත්ද්‍රව්‍ය ලබාදී ඇති බවයි.

අදාල වැඩිහිටියා වයස අවුරුදු 56ක පුද්ගලයෙකු වන අතර ඔහු අවස්ථා කිහිපයකදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් අයෙකු බවත් විමර්ශනවලදී හෙළි වුණා.

දැරිය මත්ද්‍රව්‍ය භාවිතා කරන වීඩියෝ දර්ශන පෙන්වා ඇගේ යෙහෙළියන් ද මත්ද්‍රව්‍ය පානයට හුරු කිරීමටයි අදාල පුද්ගලයා සැලසුම් කර ඇත්තේ.

මාතර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්ගේ අධීක්ෂණය මත මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සිදුවීම හරහා නැවත නැවතත් ඉස්මතුවන්නේ දෙමාපිය අවධානය ගිලිහීයන අවස්ථාවකදී තරුණ දරුවන් මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ අපචාර සඳහා යොමුවීමට ඇති අවදානමේ බරපතළ කමයි. නව යොවුන් දරුවන් එම අපරාධවල ගොදුරක් නොවී රැක බලා ගැනීමට දෙමාපියන් ලෙස ඔබට ඇත්තේ පැහැර හැරිය නොහැකි වගකීමක් ඇති බවද අප තරයේ සිහිපත් කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?