එංගලන්ත සුපිරි පිතිකරුවාට මෙවර IPL වෙන්දේසියේ දී ඉහළ මිලක්

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවේ කොචි හිදී අද (23) පෙරවරුවේ ආරම්භ වුණා.

මේ වනවිට පැවැත්වෙන වෙන්දේසියේ දී ඉතා තරඟකාරී මිල ගණන් යටතේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම මේ වනවිට අලෙවි වී තිබෙනවා.

වෙන්දේසිය ආරම්භ කරමින් නවසීලන්ත ක්‍රීඩක කෙන් විලියම්සන් ඉන්දීය රුපියල් කෝටි දෙකකට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් මිල දී ගත් අතර, ඉන්දීය ක්‍රීඩක මයාන්ක් අග්‍රවල් ඉන්දීය රුපියල් කෝටි 8.5කට මිල දී ගනු ලැබුවේ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමයි.

මේ අතර වෙන්දේසියේ මේ දක්වා ක්‍රීඩකයෙක් අලෙවි වී ඉහළම මිල එංගලන්ත පිතිකරු හැරී බෲක්ට හිමි වුණා.
මෙවර වෙන්දේසියේ දී ඔහුව මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩාය වැයකළ මුදල ඉන්දීය රුපියල් කෝටි 13.25ක්.

එමෙන්ම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් කිසිම කණ්ඩායමක් විසින් මිල දී නොගැනීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?