අම්බලන්ගොඩ පොලිස් වසමේ ඌරවත්ත ප්‍රදේශයේ දී සිදුකළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ 2024 වර්ෂයේ නොවැම්බර් මස 10 වැනි දින අම්බලන්ගොඩ පොලිස් වසමේ ඌරවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙකුට හා කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි
වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරුවන් පලාගොස් තිබූ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කළා.
ඒ අනුව, මෙම අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඊයේ (25) නීතිඥවරයෙකු මාර්ගයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.
එහිදී සැකකරු මාර්තු 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
බන්ධාගාරගත කළ සැකකරු පොල්හුන්නාව, බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අපරාධයෙන් පසු සැකකරුවන් පලා යෑමට භාවිත කරන ලද කාර් රථයේ රියදුරු වශයෙන් කටයුතු කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
එම වෙඩි ප්‍රහාරයෙන් කාන්තාව සහ පිරිමි පුද්ගලයා යන දෙදෙනාම එම ස්ථානයේදීම මියගියා.