ඌරවත්තේ කළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයේ එක් සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් වෙයි

අම්බලන්ගොඩ පොලිස් වසමේ ඌරවත්ත ප්‍රදේශයේ දී සිදුකළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ 2024 වර්ෂයේ නොවැම්බර් මස 10 වැනි දින අම්බලන්ගොඩ පොලිස් වසමේ ඌරවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙකුට හා කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි

වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරුවන් පලාගොස් තිබූ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කළා.

ඒ අනුව, මෙම අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ඊයේ (25) නීතිඥවරයෙකු මාර්ගයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

එහිදී සැකකරු මාර්තු 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

බන්ධාගාරගත කළ සැකකරු පොල්හුන්නාව, බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අපරාධයෙන් පසු සැකකරුවන් පලා යෑමට භාවිත කරන ලද කාර් රථයේ රියදුරු වශයෙන් කටයුතු කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම වෙඩි ප්‍රහාරයෙන් කාන්තාව සහ පිරිමි පුද්ගලයා යන දෙදෙනාම එම ස්ථානයේදීම මියගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46