උ.පෙළට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට අමතර විනාඩි 10ක් – ප්‍රවාහනයටත් විශේෂ සැලැස්මක්

හෙට (22) ඇරඹෙන උසස් පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට ප්‍රශ්න පත්‍රවලට උත්තර සැපයීමට නියමිත කාලයට අමතරව තවත් විනාඩි 10ක කාලයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

රචනා ප්‍රශ්න පත්‍රය ලබා දී නියමිත පැය 03ක කාලය අවසන් වූ පසුව එම අමතර විනාඩි 10ක කාලය සිසුන්ට ලබාදීමට තීරණය කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

මේ අතර විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් වන දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සකච්ඡාවක් අද (21) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත් වුණා.

එහිදී සඳහන් කළේ සිසුසැරිය බස් රථ 1,617ම විභාගය පැවැත්වෙන දිනවල ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම උසස් පෙළ විභාගය වෙනුවෙන් දුම්රිය ගමන් වාර 16ක් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර ප්‍රවාහනය සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇත්නම් බස් රථ පිළිබඳ 1955 සහ දුම්රිය පිළිබඳ 1971 යන ක්ෂණික දුරකථන අංකවලට අමතන ලෙසයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52


?