උ.පෙළට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට අමතර විනාඩි 10ක් – ප්‍රවාහනයටත් විශේෂ සැලැස්මක්

හෙට (22) ඇරඹෙන උසස් පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට ප්‍රශ්න පත්‍රවලට උත්තර සැපයීමට නියමිත කාලයට අමතරව තවත් විනාඩි 10ක කාලයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

රචනා ප්‍රශ්න පත්‍රය ලබා දී නියමිත පැය 03ක කාලය අවසන් වූ පසුව එම අමතර විනාඩි 10ක කාලය සිසුන්ට ලබාදීමට තීරණය කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

මේ අතර විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් වන දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සකච්ඡාවක් අද (21) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත් වුණා.

එහිදී සඳහන් කළේ සිසුසැරිය බස් රථ 1,617ම විභාගය පැවැත්වෙන දිනවල ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම උසස් පෙළ විභාගය වෙනුවෙන් දුම්රිය ගමන් වාර 16ක් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර ප්‍රවාහනය සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇත්නම් බස් රථ පිළිබඳ 1955 සහ දුම්රිය පිළිබඳ 1971 යන ක්ෂණික දුරකථන අංකවලට අමතන ලෙසයි දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14