උසාවි ගෙන ආ සැකකරුවන් දෙදෙනෙක් ජේලර්ලාගෙන් මිදී පැනලා

බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශණයක් ආරම්භ කර ඇති බව රිදීගම පොලීසිය පවසනවා.

රම්බොඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී ඊයේ (01) පස්වරුවේ මෙම සැකකරුවන් දෙදෙනා මෙලෙස පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙක් නිවසක් බිද රුපියල් 96,500ක් වටිනා රන් ආභරණ සොරකම් කිරීමේ චෝදනාව මතද, අනෙක් සැකකරු හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව මත ද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දෙදෙනෙක්.

මොවුන් මහවෙල සහ දැදුරුනදීගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්වන අතර, මොවුන් ඊයේ (01) පැවති නඩු විභාගයකට වාරියපොල බන්ධනාගාරයේ සිට රම්බොඩගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

එම අවස්ථාවේ දීයි මොවුන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධිය ගැන CPC එකෙන් ප්‍රබල හෙළිදරව්වක් - බහුල වශයෙන්ම ස්වාභාවික වායු
01:42
Video thumbnail
අද මධ්‍යම රාත්‍රියේ සිට දැවි තෙල් සහ නැප්තාවල මිල පහළට - QR කේතය ඉවත් කරනවද ?
01:26
Video thumbnail
නාමල් බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
00:56
Video thumbnail
අනුර Scienceත් ෆේල්, Mathsත් ෆේල් - මේ ආණ්ඩුව English ෆේල් නෙවෙයි Absent
02:59
Video thumbnail
නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක් - අනාගත ජනපතිට ජයවේවා..!
03:06
Video thumbnail
අපේ රජයක් තිබුණානම් වැඩි වැඩියෙන් නිවාස හැදෙනවා - දැන් හැම තැනකම ඇහෙන්නේ පැමිණිලි
02:04
Video thumbnail
තාජුඩීන්ගේ සාක්ෂි හදපු හැටි නාමල්ගේ අම්මගෙන් අගත්තානම් වටිනවා - අසාධාරණනම් උසාවියට කියන්න
01:30
Video thumbnail
අපෝ..තිබුණු රටත් විනාශවෙලා..ජීවත්වෙන්න බෑ - සජිත්ගේ රැස්වීමට ආ ආච්චි ආණ්ඩුවට සැර කතාවක්
01:04
Video thumbnail
🔴Breaking News
03:25
Video thumbnail
ජොන්ස්ටන් අධිකරණයට එද්දි කිව්ව දේ - "අපි කවදාවත් සැලෙන්නේ නෑ..රැස්වීමට එන්න කියන්න ජනතාවට"
01:17