ලබන මාසයේ මැද වන විට උසස් පෙළ විභාග ප්රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පැවසීය.
මෙම වසරට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයත් දෙසැම්බර් මාසය වන විට පවත්වා අවසන් කිරීමට අධ්යාපන අමාත්යාංශය සැලසුම් කර තිබෙන බව පැවසීය.
ලබන වසර වන විට සියලුම විභාග නියමිත කාලයට පැවැත්වීම අධ්යාපන අමාත්යාංශයේ අරමුණ බවද ප්රේමජයන්ත මහතා කීය.
අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්යය කේන්ද්රයේ අද (10) පැවති “ස්ථාවර රටකට සැවොම එක මගකට” ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. නව අධ්යාපන ප්රතිසංස්කරණ සඳහා අවශ්ය වැඩපිළිවෙල මේ වන විට ක්රියාත්මක කරමින් තිබෙන අතර බ්රිටිෂ් කවුන්සිල් ආයතනය සමග සම්බන්ධ වෙමින් පාසල් වල ඉංග්රීසි මාධ්යයෙන් ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමට ද සැලසුම් සකස් කර තිබෙන බව අමාත්යවරයා සඳහන් කළේය.මේ සඳහා ගුරුවරුන් 13,800ක් මේ වන විට පුහුණු කර අවසන් බවත් ඉංග්රීසි මාධ්ය අධ්යාපන කටයුතු සඳහා පෙළපොත් යාවත්කාලීන කිරීම ද කඩිනම් කර තිබෙන බවත් අමාත්යවරයා කීය.
