AFC Banner
Empty Ad
Empty Ad

උසස් පෙළ උපකාරක පන්ති නියාමනයට පියවර

උසස් පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් පවත්වනු ලබන උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනයකට ලක් කිරීමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ඊයේ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ උසස් පෙළ පන්තිවල අය කරන ගාස්තු, අදාළ පන්තිවලදී ප්‍රකාශ කෙරෙන ඇතැම් කරුණු ඇතුළු අංශ කිහිපයක් පදනම් කර ගනිමින් මෙම නියාමනය සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පෞද්ගලික පන්ති ගුරුවරුන්ගේ සංවිධානය සමග ද සාකච්ඡා කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?