උර අස්සෙ හංගා තිබූ බීඩිකොළ තොගයක් සොයා ගැනේ

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩිකොළ කිලෝග්‍රෑම් 1300කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සිය භාරයට ගැනුණා.

පෙරේදා (30) දින ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, පුනරීන් කල්මුනෙයි තුඩුව සහ සම්පකුලම් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සිදු කළ විශේෂ මෙහෙයුමකදියි මෙම බීඩිකොළ තොගය සොයා ගැනුණේ.

එම වෙරළ තීරයේ තිබූ සැක කටයුතු උර 15ක් පරීක්‍ෂාවට ලක් කෙරුණු අතර එහිදී, එම උර තුළ තිබී නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරෙන බීඩි කොළ කිලෝ 1316 ග්‍රෑම් 400ක පමණ තොගයක් හමු වූ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?