“උරුමයට ජීවයක්” තේමාවෙන් පුරාවිද්‍යා දෙසතිය අද සිට ඇරඹේ

136 වන පුරාවිද්‍යා දිනය නිමිත්තෙන්ම දිවයින පුරා පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන සහ “පුරාවිද්‍යා දෙසතිය” ආරම්භ කිරීමේ උත්සවය අද (07) කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වුණා.

ඒ අනුව “උරුමයට ජීවයක් “යන තේමාව යටතේ පුරාවිද්‍යා දෙසතිය අද සිට ආරම්භ වනවා.

මෙවර පුරාවිද්‍යා දෙසතිය තුළ, දැනට හඳුනාගෙන ඇති පුරාවිද්‍යා ස්ථාන 100ක සංරක්ෂණ හා කැණීම් කටයුතු ප්‍රථම පියවර ලෙස ආරම්භ කරනු ලබනවා.

මහාචාර්ය රාජ් සෝමදේව විසින් මෙහිදී ප්‍රධාන දේශනය සිදු කරනු ලැබුවා.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සෙනරත් වික්‍රමසිංහ. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ප්‍රින්ස් සේනාධීර ඇතුළු දිවයින පුරා පුරා විද්‍යා ස්ථාන නියෝජනය කරමින් පුරාවිද්‍යා නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33