spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උඹට සූටිකේස්‌ එකක යන්න ඕනැද ?

“උඹට සූට්‌ කේස්‌ එකක යන්න ඕනැදැයි”පවසමින්‌ නුගේගොඩ මහෙස්ත්‍රාත්‌ අධිකරණය ඉදිරිපිටදී සිය බිරියට තර්ජනය කළ සැකකාර ස්වාමපුරුෂයකු අත්‌අඩංගුවට ගැනීම සඳහා මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන ආරමිභ කර තිබේ. සැකකාර පුද්ගලයාගෙන්‌ සිදුවන හිංසා පීඩා හා පහරදීම්‌ හේතුවෙන්‌ එම කාන්තාව
ඔහුගෙන්‌ වෙන්වීම සඳහා නීතිඥවරයක්‌ මඟින්‌ 2019 වසරේදී නුගේගොඩ දිසා අධිකරණය හමුවේ නඩුවක්‌ පවරා වෙන්ව ජීවත්ව ඇති බවද අනාවරණය කෙරිණි.

නඩු විභාගයට පෙනී සිටීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින්‌ දිසා අධිකරණය අවස්ථා කිහිපයකදී සැකකාර පුද්ගලයාට සිතාසි යවා ඇතත්‌ ඔහු අධිකරණය මඟහරමින්‌ ඒවා භාර නොගෙන ඇති බවද වාර්තා වෙයි.මෙම පහරදීම්‌ සම්බන්ධයෙන්‌ ඇය මහරගම පොලිසියට පැමිණිලි කිරීමෙන්‌ පසුව දෙදෙනාම සාමදාන කිරීම සඳහා පොලිසිය උත්සාහ ගෙන ඇති නමුත්‌ එයද අසාර්ථක වි ඇති බව අණාවරනය වෙයි.සාමදාන නොවීම හේතුවෙන්‌ ඉකුත්‌ 2019 වසරේදී ඔහුගෙන්‌ වෙන්වීම සඳහා ඇය එසේ දික්කසාද නඩුවක්‌ පවරා තිබී ඇති බවද අනාවරණය වෙයි.

දික්කසාද නඩුව පැවැරීමෙන්‌ පසුවද සැකකාර පුද්ගලයා ඇයට විවිධ ස්ථානවලදී හිරිහැර හා පිඩා සිදුකර ඇති බවත්‌ ඇය ඒ සම්බන්ධයෙන්‌ කර ඇති පැමිණිල්ලකට අදාළව මහරගම පොලිසිය විමර්ශන සිදුකරන බවද වාර්තා වෙයි.

ඇය පැවැරු දික්කසාද නඩුව ඉකුත්‌ 05දා නුගේගොඩ දිසා අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබී ඇති බවත්‌ ඇය ඒ සඳහා පැමිණෙන බව දැනගත්‌ සැකකාර පුද්ගලයා අධිකරණය ඉදිරිපිට රැඳී සිට “උඹට සූටිකේස්‌ එකක යන්න ඕනෑදැයි” තර්ජනය කර ඇති බවද ඇය ඒ සම්බන්ධයෙන්‌ මිරහාන ළමා හා කාන්තා කාරියාංශයට එසේ පැමිණිලි කර ඇති බවද වාර්තාවෙයි. මෙම පැමිණිලිකාර කාන්තාව පන්නිපිටියේ පදිංචිකාරියක්‌ බවත්‌ සැකකරුවා මහරගම පදිංචි අයෙක්‌ බවද අනාවරණය විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?