උඹට සූටිකේස්‌ එකක යන්න ඕනැද ?

“උඹට සූට්‌ කේස්‌ එකක යන්න ඕනැදැයි”පවසමින්‌ නුගේගොඩ මහෙස්ත්‍රාත්‌ අධිකරණය ඉදිරිපිටදී සිය බිරියට තර්ජනය කළ සැකකාර ස්වාමපුරුෂයකු අත්‌අඩංගුවට ගැනීම සඳහා මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන ආරමිභ කර තිබේ. සැකකාර පුද්ගලයාගෙන්‌ සිදුවන හිංසා පීඩා හා පහරදීම්‌ හේතුවෙන්‌ එම කාන්තාව
ඔහුගෙන්‌ වෙන්වීම සඳහා නීතිඥවරයක්‌ මඟින්‌ 2019 වසරේදී නුගේගොඩ දිසා අධිකරණය හමුවේ නඩුවක්‌ පවරා වෙන්ව ජීවත්ව ඇති බවද අනාවරණය කෙරිණි.

නඩු විභාගයට පෙනී සිටීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින්‌ දිසා අධිකරණය අවස්ථා කිහිපයකදී සැකකාර පුද්ගලයාට සිතාසි යවා ඇතත්‌ ඔහු අධිකරණය මඟහරමින්‌ ඒවා භාර නොගෙන ඇති බවද වාර්තා වෙයි.මෙම පහරදීම්‌ සම්බන්ධයෙන්‌ ඇය මහරගම පොලිසියට පැමිණිලි කිරීමෙන්‌ පසුව දෙදෙනාම සාමදාන කිරීම සඳහා පොලිසිය උත්සාහ ගෙන ඇති නමුත්‌ එයද අසාර්ථක වි ඇති බව අණාවරනය වෙයි.සාමදාන නොවීම හේතුවෙන්‌ ඉකුත්‌ 2019 වසරේදී ඔහුගෙන්‌ වෙන්වීම සඳහා ඇය එසේ දික්කසාද නඩුවක්‌ පවරා තිබී ඇති බවද අනාවරණය වෙයි.

දික්කසාද නඩුව පැවැරීමෙන්‌ පසුවද සැකකාර පුද්ගලයා ඇයට විවිධ ස්ථානවලදී හිරිහැර හා පිඩා සිදුකර ඇති බවත්‌ ඇය ඒ සම්බන්ධයෙන්‌ කර ඇති පැමිණිල්ලකට අදාළව මහරගම පොලිසිය විමර්ශන සිදුකරන බවද වාර්තා වෙයි.

ඇය පැවැරු දික්කසාද නඩුව ඉකුත්‌ 05දා නුගේගොඩ දිසා අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබී ඇති බවත්‌ ඇය ඒ සඳහා පැමිණෙන බව දැනගත්‌ සැකකාර පුද්ගලයා අධිකරණය ඉදිරිපිට රැඳී සිට “උඹට සූටිකේස්‌ එකක යන්න ඕනෑදැයි” තර්ජනය කර ඇති බවද ඇය ඒ සම්බන්ධයෙන්‌ මිරහාන ළමා හා කාන්තා කාරියාංශයට එසේ පැමිණිලි කර ඇති බවද වාර්තාවෙයි. මෙම පැමිණිලිකාර කාන්තාව පන්නිපිටියේ පදිංචිකාරියක්‌ බවත්‌ සැකකරුවා මහරගම පදිංචි අයෙක්‌ බවද අනාවරණය විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09