උමා ඔය, ඩයරබා ජලාශයේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ඩයරබා ජලාශයේ ජලය පුරවා විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණු අතර එමඟින් මෙගා වොට් 120ක විදුලිබලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම මෙන්ම කුඹුරු අක්කර 15,000ක් යල මහ දෙකන්නයේ වගා කිරීමට හැකියාව ලැබෙන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා.

මෙරට ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ ජාතික ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් වාරිමාර්ග අමාත්‍යාංශය ද පුළුල් දායකත්වයක් ලබා දෙමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔහු මේ බව කියා සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ,

මෙරට ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ ජාතික ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් වාරිමාර්ග අමාත්‍යාංශය පුළුල් දායකත්වයක් ලබා දෙමින් සිටින අතර වගා භුමි කළමනාකරණය කිරීම හා වාරි ජලය ලබාදීම විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ සිදු කෙරෙනවා.

එසේම වත්මන් කාලගුණික තත්ත්වයන් සමඟ රටේ මතුව ඇති ගැටලු පිළිබඳ අවධානය යොමු කිරිමේ දී ඉහළ කළමනාකරණයකින් යුතුව එම තත්ත්වයන් සමනය කරන අමාත්‍යාංශයක් ලෙස වාර්මාර්ග අමාත්‍යාංශය හැඳින්විය හැකියි.

එසේම මතුව ඇති තත්ත්වයට මුහුණ දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, විදුලිබල අමාත්‍යාංශය, ජල සම්පාදන අමාත්‍යාංශය, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග අප මේ වන විට මනා සම්බන්ධීකරණයකින් යුතුව ක්‍රියාත්මක වෙනවා.

විශේෂයෙන් රටේ ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගනිමින් පරිසර පද්ධතින්ට හානියක් නොවන ලෙස කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය ලබා දෙමින් පානීය ජලය, ජල විදුලිය නිෂ්පාදනය, කර්මාන්ත හා වන සතුන්ට ජලය ලබාදීම සිදු කෙරෙනවා.

අප අමාත්‍යාංශයේ මෙම වසරේ ඉලක්කගත සමස්ත ආයෝජන සඳහා අය වැය ප්‍රතිපාදන, දේශගුණික අව බලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන හා ඒකාබද්ධ ජල ධහාරා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය මෙන්ම වැව් ගම් පුබුදුව ව්‍යාපෘති වෙනුවෙන් යොදවා තිබෙනවා.

අප පසුගිය දිනවල දිස්ත්‍රික් මට්ටමින් වාරිමාර්ග සැලැස්මක් සකස් කළා. ඒ අනුව හඳුනාගත් වාරි ව්‍යාපෘතින් 3,000ක පමණ පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය දිස්ත්‍රික්ක 25 ආවරණය වන අන්දමින් අප පසුගියදා ආරම්භ කළා. දීර්ඝ කාලයක් පුරා අලුත්වැඩියා නොකළ ඇලවේලි හා වැව් අමුණු සියල්ල මේ යටතේ පිළිසකර කිරීම සිදු වෙනවා.

මෙරට ජල විදුලිය උත්පාදනය කරන ප්‍රධානම ව්‍යාපෘතියක් ලෙස කතා බහට ලක්වන උමා ඔය ව්‍යාපෘතියේ ඩයරබා ජලාශයේ ජලය පිරවීමේ කටයුතු අපි පසුගිය 13 වනදා ආරම්භ කලා. ඒ අනුව මෙගා වොට් 120 විදුලි බලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරන සහ අලුතින් කුඹුරු අක්කර 15,000ක් පමණ යල මහ දෙකන්නයේ වගා කිරීමට හැකියාව ලැබෙනවා. එහි ප්‍රතිඵල ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනට එක් කිරීමට තව මාස කිහිපයකින් හැකියාව ලැබෙනවා.

ඒ වගේම මොණරාගල හා බදුල්ල යන දිස්ත්‍රික්කවල පානීය ජල ගැටලුව විසඳීම පිළිබඳව ද අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා.

ඒ වගේම කාලගුණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහවැලි, විදුලිබල මේ සියලු ආයතන එක් කර ජලය කළමනාකරණය කිරීම පිළිබඳ මසකට හෝ මාස දෙකකට වරක් තීන්දු තීරණ ගැනීම සඳහා නීත්‍යානුකූල බලයක් තිබෙන එක් යාන්ත්‍රණයක් සකස් කිරීමට අද අප තීරණය කළා.

මෙලෙස මෙරට කෘෂිකර්මාන්තය සදහා අවශ්‍ය වාරි ජලය සැපයීමටත් මෙරට ජාතික ආහාර සුරක්ෂිතාතාව තහවුරු කරමින් ජනතාවගේ පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීමටත් අප පුළුල් මෙහෙවරක් ඉටු කරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26