ශ්‍රී ලංකා පොලිස් සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි නසා ගෙන තිබෙනවා.
අද (06) පෙරවරුවේ මහියංගණය පොලිස් ස්ථානයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස පොලිස් විවේකාගාරය තුළ දී සිය රාජකාරී ගිනි අවිය උපයෝගී කරගෙන වෙඩි තබා සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්තනායක මුදියන්සේලාගේ උපසේන අත්තනායක නමැති 57 හැවිරිදි විවාහක දෙදරු පියෙක් මෙලෙස මියගොස් තිබෙනවා.
ඔහු රංදෙණිගල පාර, මොයාය, මිණිපේ හි පදිංචිකරුවෙක්.
වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මියගිය නිලධාරියා කලක පටන් රෝගී තත්වයන් රැසකින් පීඩා විඳි අයෙකු ලෙසයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
+1
2
+1
20
+1
2
+1
1





