උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම ගැන විශේෂ නිවේදනයක්

උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්..

  1. දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදන පහත පරිදි නිකුත් කර ඇත.02. අංක 2474/18 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නියුතුව මේ වන විටත් රාජ්‍ය සේවයේ සිටින 2023.02.10 දිනට වයස අවුරුදු 45ට නොවැඩි සහ එදිනට උපාධි සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන්ට අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත.
  2. අංක 2474/19 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් පහත සඳහන් කාණ්ඩ යටතේ උපාධි සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන් අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත.
    2023.02.10 දිනට වයස අවුරුදු 40ට අඩු, ගැසට් නිවේදනය අනුව උපාධි සුදුසුකම සම්පූර්ණ කළ රාජ්‍ය සේවයේ නිරත නොවන උපාධිධාරීන්
    2023.02.10 දිනට වයස අවුරුදු 40ට අඩු, ගැසට් නිවේදනය අනුව උපාධි සුදුසුකම සම්පූර්ණ කළ 2023.02.10 දිනට පසු රාජ්‍ය සේවයේ පත්වීම් ලබා මේ දක්වා සේවයේ නිරත වන නිලධාරින්
    2023.02.10 දිනට වයස අවුරුදු 40ට අඩු, ගැසට් නිවේදනය අනුව උපාධි සුදුසුකම සම්පූර්ණ කර 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නිරත වුවද මේ වන විට විධිමත් අනුමැතියකින් එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති නිලධාරීන්
    2023-02-10 දිනට වයස අවුරුදු 40ට අඩු, ඒ වන විටත් රාජ්‍ය සේවයේ තනතුරක් දරන ගැසට් නිවේදනය අනුව 2023-02-10 දිනෙන් පසු උපාධි සුදුසුකම ලැබූ රාජ්‍ය නිලධාරින්
  3. 2023.01.27 දින පලකරන ලද අංක 2317 දරණ ගැසට් නිවේදනය මඟින් දැනටමත් අයදුම් පත් යොමු කළ අය මේ වන විටත් රාජ්‍ය සේවයේ නිරත වන්නේ නම්, මෙම ගැසට් නිවේදනය පරිදි නැවත අයදුම් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් හා එම පෙර අයදුම්කළ අයදුම් පත්‍රයේ සඳහන් දුරකථන අංකය, ජාතික හැදුනුම්පත් අංකය, ලිපි ලැබෙන ලිපිනය සංශෝධනය වී ඇත්නම් පමණක් විභාග දෙපාර්තමේන්තුව වෙත අදාළ යොමු ඔස්සේ ඉල්ලීම් ඉදිරිපත් කර එම සංශෝධන සිදු කිරීමටත් අයදුම්පත්‍රය භාගත කර ගැනීමටත් අවස්ථාව සලසා දී ඇත.
  4. මෙම ගැසට් නිවේදන සම්බන්ධ වැඩිදුර විමසීම් සඳහා පහත සඳහන් දුරකථන අංක භවිත කළ හැකිය.

(සිංහල – 0112-784819/ 0112-785634/ Hotline 1988) – ( දෙමළ – 0112-785634)
(ඉංග්‍රීසි – 0112-785258/ 0112-784819/ 0112-787399) – (වැඩකරන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
15
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53