AFC Banner
AFC Banner
Empty Ad

උපන්ගෙයි මරා දැමූ බිළිඳාගේ ඝාතකයින් පොලිස් දැලට හසුවෙයි

අලුත උපන් බිළිඳෙකු කුඹුරු ඉඩමක පැවති ළිඳකට දමා ඝාතනය කිරීමේ චෝදනාවට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

ඊයේ (22) දහවල් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි යාපනය – චාවකච්චේරිය පොලිසිය පැවසුවේ.

යාපනය – කයිතඩි ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වූයේ පෙරේදා (21) දිනයේදියි.

සිදුවීමට සම්බන්ධ යැයි සැක කෙරෙන බිළිඳාගේ මව ඇතුළු කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

48 හැවිරිදි කාන්තාවක් වන දරුවාගේ මව, මිත්තණිය මෙන් ම සහෝදරියක් ද සැකකාරිණියන් අතර වනවා.

අත්අඩංගුවට ගත් පිරිස යාපනය චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?