උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා – අධ්‍යාපන ඇමති කියයි

උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් නොවන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉක්මවා ගිය පුළුල් අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය මගින් බලාපොරොත්තු වන්නේ උගන්වන සියල්ල මතකයේ තබාගෙන ගොස් විභාග ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියා එන පිරිසක් බිහි කිරීම නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත උපාධිධාරී ගුරු විභාගයේ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති පැවැත්වෙන බවට පළ ව තිබූ දැන්වීමක් පිළිබඳ අදහස් පළ කරමින්.

සරල ගණිත ගැටලුවක් විසඳීම හා සාමාන්‍ය ප්‍රශ්නයකට පිළිතුරු දීම වැනි ක්ෂණික ව සිතා බලා යමක් වටහාගෙන ක්‍රියාත්මක වීමේ නිපුණතා, ගුරුවරුන් ලෙස සේවය කිරීමට බලාපොරොත්තු වන උපාධි අපේක්ෂකයන් තුළ පැවතිය යුතු බවත් නිපුණතාවන්ගෙන් හෙබි දරු පරපුරක් නිර්මාණය කළ හැකි වන්නේ ගුරුවරයකු ලෙස බඳවාගැනීමේ පරීක්ෂණයට පෙනී සිටීමට පවා අමතර පන්තිවල සහය පතන පිරිසක් නොවන බවයි අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ.

මෙවන් සිදුවීම් නිසා පුළුල් අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයක අත්‍යවශ්‍යභාවය මැනවින් තහවුරු වන්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළා.

සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් අතරින් ගුරුවරුන් ලෙස බැඳීමට අපේක්ෂා කරන අදාළ වයස් සීමාවේ පසු වන අය වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට නියමිත මෙම තෝරාගැනීමේ විභාගය අසීරු තරග විභාගයක් නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එබැවින් අනිසි ලෙස අමතර පන්තිවලට සහභාගී වීමකින් තොර ව අපේක්ෂකයන් නියමිත දිනට විභාග ශාලාවට ගොස් ආත්ම ශක්තියෙන් යුතු ව එම පරීක්ෂණයට මුහුණ දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

  1. පලමුව විද්‍යාපීඨ හරියට හදන්න ඕනා හොද පුහුණු ගුරුවරුන් බිහි වෙන්නෙ එතැනින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48