AFC Banner
Empty Ad
Empty Ad

උපකාරක පන්ති ගුරුවරයා වසර 2ක් පුරාවට සිසුවියට කල හදිය

හබරාදුව ප්‍රදේශයේ පදිංචි දාසය හැවිරිදි පාසල් සිසුවෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම සේවකවරයෙකු හබරාදුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කල 37 හැවිරිදි සැකකරු ගණිත විෂය සම්බන්ධයෙන් උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

2018 වසරේ සිට සිසුවා මෙම පුද්ගලයාගේ උපකාර පන්ති සඳහා සහභාගී වී ඇති අතර එතැන් සිට අවුරුදු දෙකක කාලයක් මොහු විසින් සිසුවා බිය ගන්වා බරපතල ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දිගින් දිගටම සිදු වන මෙම ලිංගික අපයෝජනය නතර නොවීම හේතුවෙන් දරුවා විසින් මේ පිළිබඳ හබරාදුව පොලිසියට දැනුම් දී ඇතැයි සඳහන්.

පසුව සිදු කළ පරීක්ෂණවලදී සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අදාළ සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?