උපකාරක පන්තියකදී දැරියකට අතවර කළ ගුරුවරයෙක් අත්අඩංගුවට

හාලිඇල උඩුවර ප්‍රදේශයේ දී 14 හැවිරිදි පාසැල් දැරියකට උපකාරක පන්තියක් තුලදි ලිංගික හිංසනයක් සිදුවන ආකාරයෙන් කටයුතු කළ බව කියන පාසැල් ගුරුවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හාලිඇල උඩුවර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි දෙදරු පියෙක් බව සඳහන්.

සැකකාර ගුරුවරයා විසින් උඩුවර ප්‍රදේශයේ උපකාරක පන්තියක් පවත්වාගෙන යන අතර පසුගිය 8 වන සෙනසුරාදා එම පන්තිය අතර මෙම හිංසනය සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එහිදී අදාළ ගුරුවරයා විසින් පන්තිය පැවැත්වෙමින් පවතින අතරතුර විනාඩි 15ක පමණ කෙටි විවේකයක් සිසුන් හට ලබාදීමෙන් පසු මෙම සිද්ධියට මුහුණ දුන් 14 හැවිරිදි දැරිය පමණක් පන්ති කාමරය තුළ නතර කරගෙන තිබෙනවා.

අනතුරුව ඔහුගේ ජංගම දුරකථන තුළ තිබු කාන්තාවකගේ උඩුකය නිරුවත් විඩියෝ පටයක් මෙම දැරියට පෙන්වීමට උත්සහ කර ඇති බවත් දැරිය එය නැරඹීම ප්‍රතික්ෂේප කිරිමෙන් පසු මේ පිළිබඳ කිසිවෙකුටත් නොකියන ලෙස අතිත් පහක් දමා පොරොන්දු වන ලෙසට සැකකාර ගුරුවරයා දැරියගෙන් ඉල්ලා ඇතැයි සඳහන්.

මෙම දැරිය එලෙස ප්‍රතිචාර දක්වා පොරොන්දු වීමෙන් අනතුරුව එය ප්‍රමාණවත් නොවන බව පවසමින් දැරියගේ ඉණ වටා අතක් දමාගෙන සෙල්ෆි ඡායාරූපයක් ගෙන පසුව දැරියගේ පිටුපසින් සිට තවත් ඉරියව්වකින් ද ඡායාරූපයක් ගැනීමට සැකකරු කටයුතු කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

මේ පිළිබඳව ලැබුණු තොරතුරක් මත සිදුකල විමර්ශනවලින් පසුව මෙම සැකකාර ගුරුවරයා ඊයේ (20) දහවල් හාලිඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ දැරිය සමග එලෙස ඡායාරූප ගත් බවටයි ⁣සැකකරු පොලිසියට පවසා ඇත්තේ.

ඒ අනුව සැකකරු ගේ ජංගම දුරකථනය පොලිසිය විසින් පරික්ෂා කිරීමේදි දැරියන්ගේ හා කාන්තාවන් ගේ නිරුවත් හා අඩනිරුවත් ඡායාරූප දසදහසකට වැඩි ප්‍රමාණයක් හමුවී ඇති බව සඳහන්.

සෑම ඡායාරූපයක් සඳහාම වෙනත් අයෙකුට විවෘත කර ගනීමට නොහැකි ආකාරයට ආරක්ෂිත ක්‍රමයවේදයක් යොදා තිබු බවත් පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?