උපකාරක පන්තියකදී දැරියකට අතවර කළ ගුරුවරයෙක් අත්අඩංගුවට

හාලිඇල උඩුවර ප්‍රදේශයේ දී 14 හැවිරිදි පාසැල් දැරියකට උපකාරක පන්තියක් තුලදි ලිංගික හිංසනයක් සිදුවන ආකාරයෙන් කටයුතු කළ බව කියන පාසැල් ගුරුවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හාලිඇල උඩුවර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි දෙදරු පියෙක් බව සඳහන්.

සැකකාර ගුරුවරයා විසින් උඩුවර ප්‍රදේශයේ උපකාරක පන්තියක් පවත්වාගෙන යන අතර පසුගිය 8 වන සෙනසුරාදා එම පන්තිය අතර මෙම හිංසනය සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එහිදී අදාළ ගුරුවරයා විසින් පන්තිය පැවැත්වෙමින් පවතින අතරතුර විනාඩි 15ක පමණ කෙටි විවේකයක් සිසුන් හට ලබාදීමෙන් පසු මෙම සිද්ධියට මුහුණ දුන් 14 හැවිරිදි දැරිය පමණක් පන්ති කාමරය තුළ නතර කරගෙන තිබෙනවා.

අනතුරුව ඔහුගේ ජංගම දුරකථන තුළ තිබු කාන්තාවකගේ උඩුකය නිරුවත් විඩියෝ පටයක් මෙම දැරියට පෙන්වීමට උත්සහ කර ඇති බවත් දැරිය එය නැරඹීම ප්‍රතික්ෂේප කිරිමෙන් පසු මේ පිළිබඳ කිසිවෙකුටත් නොකියන ලෙස අතිත් පහක් දමා පොරොන්දු වන ලෙසට සැකකාර ගුරුවරයා දැරියගෙන් ඉල්ලා ඇතැයි සඳහන්.

මෙම දැරිය එලෙස ප්‍රතිචාර දක්වා පොරොන්දු වීමෙන් අනතුරුව එය ප්‍රමාණවත් නොවන බව පවසමින් දැරියගේ ඉණ වටා අතක් දමාගෙන සෙල්ෆි ඡායාරූපයක් ගෙන පසුව දැරියගේ පිටුපසින් සිට තවත් ඉරියව්වකින් ද ඡායාරූපයක් ගැනීමට සැකකරු කටයුතු කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

මේ පිළිබඳව ලැබුණු තොරතුරක් මත සිදුකල විමර්ශනවලින් පසුව මෙම සැකකාර ගුරුවරයා ඊයේ (20) දහවල් හාලිඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ දැරිය සමග එලෙස ඡායාරූප ගත් බවටයි ⁣සැකකරු පොලිසියට පවසා ඇත්තේ.

ඒ අනුව සැකකරු ගේ ජංගම දුරකථනය පොලිසිය විසින් පරික්ෂා කිරීමේදි දැරියන්ගේ හා කාන්තාවන් ගේ නිරුවත් හා අඩනිරුවත් ඡායාරූප දසදහසකට වැඩි ප්‍රමාණයක් හමුවී ඇති බව සඳහන්.

සෑම ඡායාරූපයක් සඳහාම වෙනත් අයෙකුට විවෘත කර ගනීමට නොහැකි ආකාරයට ආරක්ෂිත ක්‍රමයවේදයක් යොදා තිබු බවත් පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22