උනාකුරුවේ ශාන්තගේ ගෝලයක් ලක්ෂ 50ක අයිස් මාට්ටු

අලුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේ සැක කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයක් පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසනවා.

දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන උනාකූරුවේ ශාන්ත නමැත්තා අලුත්ගම සහ වැලිපැන්න ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරන බවට කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදු කරන ලද විමර්ශනයකදී මොහු පිළිබද ඇති වූ සැකය මත මෙම පරික්ෂ කිරීම සිදු කර තිබෙනවා=.

මෙම සැකකරු විසින් මෙම අයිස් මත්ද්‍රව්‍ය වෙනත් පුද්ගලයෙක්ට ලබාදීම වෙනුවෙන් මෙම ස්ථානයේරැඳීසිට ඇති බවට පොලිසිය සැකකරනවා.

සැකකරු 22 හැවිරිදි ගිංතොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

පසුව සිදු කරනු ලැබූ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම සැකකරු, උනාකූරුවේ ශාන්ත නැමැත්තා සමග මෙම පුද්ගලයා සමීප සබඳතා පවත්වාගනිමින් මෙම ජාවාරම සිදුකරගෙන යන බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (01) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඉදිරි විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?