උතුරේ හැර අනෙකුත් ප්‍රදේශවල ලංගම බස් ධාවනය අද 100%ක් සාමාන්‍ය පරිදි – දිනකට කෝටියක පාඩුවක් (වීඩියෝ)

ලංගම උතුර ප්‍රදේශිකය හැර දිවයිනේ අනෙකුත් සියලුම ප්‍රාදේශිකයන්වල ලංගම බස් ධාවනය අද දිනයේ 100%ක් සාමාන්‍ය පරිදි සිදුවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඒකාබද්ධ කාලසටහනට එරෙහිව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවල සේවකයින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් දියත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ලංගම බස්රථ සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි දක්නට ලැබුණේ.

මේ අතර ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් සඳහන් කළේ මෙම වැඩවර්ජනය සාධාරනී කරනය කළ නොහැකි වැඩ වර්ජනයක් බවයි.

එමෙන්ම හඳුන්වා දුන් මෙම ඒකාබද්ධ කාලසටහනට දිගටම ක්‍රියාත්මක කරන බවත්, ඉල්ලීම් සලකා බලා ඕනෑම අවස්ථාවක එම ඒකාබද්ධ කාලසටහන්වල සංශෝධනයන් සිදුකිරීමට සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ අතර වසරක් ඇතුළත කාඩ්පත් මඟින් බස් ගාස්තුව ගෙවීම් කටයුතු සිදුකිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, නියමිත පරිදි ප්‍රවේශපත් නිකුත් නොකිරීම තුළින් ලංගමට දිනකට රුපියල් කෝටිකයට වැඩි මුදලක් අහිමි වී යන බවයි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?