උතුරේ හැර අනෙකුත් ප්‍රදේශවල ලංගම බස් ධාවනය අද 100%ක් සාමාන්‍ය පරිදි – දිනකට කෝටියක පාඩුවක් (වීඩියෝ)

ලංගම උතුර ප්‍රදේශිකය හැර දිවයිනේ අනෙකුත් සියලුම ප්‍රාදේශිකයන්වල ලංගම බස් ධාවනය අද දිනයේ 100%ක් සාමාන්‍ය පරිදි සිදුවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඒකාබද්ධ කාලසටහනට එරෙහිව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවල සේවකයින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් දියත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ලංගම බස්රථ සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි දක්නට ලැබුණේ.

මේ අතර ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් සඳහන් කළේ මෙම වැඩවර්ජනය සාධාරනී කරනය කළ නොහැකි වැඩ වර්ජනයක් බවයි.

එමෙන්ම හඳුන්වා දුන් මෙම ඒකාබද්ධ කාලසටහනට දිගටම ක්‍රියාත්මක කරන බවත්, ඉල්ලීම් සලකා බලා ඕනෑම අවස්ථාවක එම ඒකාබද්ධ කාලසටහන්වල සංශෝධනයන් සිදුකිරීමට සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ අතර වසරක් ඇතුළත කාඩ්පත් මඟින් බස් ගාස්තුව ගෙවීම් කටයුතු සිදුකිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, නියමිත පරිදි ප්‍රවේශපත් නිකුත් නොකිරීම තුළින් ලංගමට දිනකට රුපියල් කෝටිකයට වැඩි මුදලක් අහිමි වී යන බවයි පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58