උතුරේ හඳුනා නොගත් උණ රෝගයක් පැතිරෙයි – දින දෙකක් තුළ තිදෙනකු මරුට (වීඩියෝ)

යාපනය දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගයක් පැතිරෙන බවට තොරතුරු වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; එම උණ රෝගයෙන් මේ වනවිට (10) පුද්ගලයින් තිදෙනකු මියගොස් ඇති බවයි.

උණ රෝගය වැළඳීම හේතුවෙන් මෙම පුද්ගලයින් තිදෙනා ම දින කිහිපයක දී රෝහල්ගත කර ඇති අතර ඔවුන් රෝගය වැළඳී දෙදිනක් තුළ මියගොස් ඇතැයි යාපනය ශික්ෂණ රෝහල පවසා තිබෙනවා.

මෙම මරණ සම්බන්ධයෙන් අද (10) සිට පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි යාපනය රෝහල් අධ්‍යක්ෂ ටී. සත්‍යමූර්ති මහතා පවසා සිටියේ.

මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කර තිබෙනවා.

මෙලෙස රෝගීන්ට වැළඳුණු වෛරසය කුමක් දැයි හෙළි නොවීම හේතුවෙන් උතුරේ වෛද්‍යවරු දැඩි ගැටලුවකට මුහුණ පා ඇති බවත් දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

යාපනය – පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි ව සිටි අවුරුදු 42 ක පුද්ගලයෙකු හා නාවට්කුලි ප්‍රදේශයේ ජීවත් වූ අවුරුදු 32ක පුද්ගලයෙකු මෙන් ම කිළිනොච්චිය රෝහලෙන් යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කළ 28 හැවිරිදි තරුණයෙකු ද මියගිය අය අතර සිටිනවා.

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ; උණ හා කැස්ස මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ බවත්; දැනටමත් මෙම රෝග ලක්ෂණ පෙන්නුම කරන්නේ ද වහාම ළඟම පිහිටි ‍රජයේ රෝහලකට ගොස් රුධිර සාම්පල පරීක්ෂාවක් සිදු කරගන්නා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
4
+1
10
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?