උතුරේ තරුණයකුගේ ගිණුමට අතිවිශාල මුදලක් බැර වෙලා

විදේශයකින් රුපියල් ට්‍රිලියනයක මුදලක් ඔහුගේ බැංකු ගිණුමට බැරවූ බව කියන වවුනියා‌වේ පදිංචි තරුණයකු පැහැර ගැනීමට පැමිණි ව්‍යාපාරික කාන්තාවක, ජේලර්වරයකු සහ තවත් 4 දෙනෙකු වවුනියාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් ව්‍යාපාරික කාන්තාව පිළියන්දල පදිංචිකාරියකි . ඇය මහ බැංකුවේ නිලධාරිනියක ලෙස පෙනී සිට ඇති අතර ඇය සමග සිටි සිව්දෙනෙකු ඇයගේ සේවකයන් බව හෙළි වී තිබේ.මෙම පිරිස අත්සනක් ගැනීමට බව කියමින් තරුණයා වාහනයේ දමාගෙන යද්දී ඇති වූ සැකයක් මත එම තරුණයා වාහනයෙන් පැන පුවරාසකුලම් පොලිසියට දිවගොස් ඒ ගැන පැමිණිලි කර ඇත.

පොලිස් ස්ථානාධිපති (පුවරාසකුලම්) චමින්ද එදිරිසූරිය, වවුනියාව වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් කුමාර වෙත මේ බව දැන්වීමෙන් පසු වාහනය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා කුමාංකුලම් පදිංචි කන්දසාමි සුමිත්‍රන් නමැති සී.සී.ටී.වී. කැමරා සවිකරන පුද්ගලයෙකි.

තම ගිණුමේ ඇතැයි කියන ට්‍රිලියනයක මුදලක් ලබාගැනීමට අත්සනක් අවශ්‍ය බව එම කාන්තාව පැවසූ බවත් ඇය මහ බැංකු නිලධාරිනියක ලෙසින් පෙනී සිටි බවත් පැමිණිලිකරු පවසා ඇත.පැමිණිලිකරු හා මෙම පිරිස අතර මාස ගණනක සිට සබඳකම් පැවැති ඇති අතර තරුණයාගේ ගිණුමට ලද මුදලින් සියයට දහයක් රජයට ලබාදෙන බවත් පවසා පැමිණිලිකරු රැගෙන යාමට උත්සාහ කර ඇත.

තමාගේ ගිණුමට මීට පෙරත් ලන්ඩනයේ හිතවතකු රුපියල් එක්කෝටි හැත්තෑලක්ෂයක මුදලක් තැන්පත් කළ බව පැමිණිලිකරු ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇත.මෙම ගිණුම සැක සහිත මුදල් හුවමාරු වන ගිණුමක් යැයි ඇති සැකය මත වහාම අවහිර කරන ලෙස මහ බැංකුව වෙත ඊයේ (17 වැනිදා) පොලිස් මූලස්ථානයෙන් දැනුම් දී ඇත. මෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත.මෙම 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වවුනියාව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09