අධිකරණ ස්වාධීනත්වයට බාධා නොකරන ලෙසට හා අධිකරණ කටයුතු වෙනුවෙන් දේශපාලනය සම්බන්ධ කර නොගන්නා ලෙසට ඉල්ලා උතුරු පළාතේ අධිකරණ නීතිඥවරුන් අද(11) විරෝධතාවයක නිරතවිණ.
මුලතිව්,මන්නාරම,යාපනය හා පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණයන්හි නීතිඥවරුන් විරෝධතාවයන්ට එක්ව සිටියහ. මුලතිව්,කුරුදුමලෙයි විහාරය සම්බන්ධ නඩු කටයුත්තකට අදාළ ස්ථානීය නිරීක්ෂණයකට එක්වු මුලතිව් මහේස්ත්රාත්වරයා හා නීතිඥවරුන් පිරිසකගේ කටයුතු වෙනුවෙන් දේශපාලන නියෝජිතයින් පිරිසක් මැදිහත්වීමක් කළ බව කියන සිද්ධියකට විරුද්ධව උතුරු පළාතේ නීතිඥවරුන් එලෙස විරෝධතාවයේ නිරතවිණ.
මුලතිව් කුරුදුමලෙයි විහාරස්ථාන ගැටළුව නිරීක්ෂණයට පසුගිය 05 වැනිදා මුලතිව් මහේස්ත්රාත්වරයා ඇතුළු නීතිඥ පිරිසක් එක්විණ.
අධිකරණ ස්වාධීනත්වයට බාධා නොකරන ලෙසට හා අධිකරණ කටයුතු වෙනුවෙන් දේශපාලනය සම්බන්ධ කර නොගන්නා ලෙසට ඉල්ලා පෝස්ටර හා බැනර් ප්රදර්ශනය කරමින් නීතිඥවරුන් විරෝධතාවයන්හි නිරතවූහ.
