ජපානයේ යටත්වීමත් සමඟ දෙවන ලෝක යුද්ධයේ අවසානයත් චීන ආක්‍රමණික හමුදාවට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සනිටුහන් කරමින් සංවිධානය කර ඇති චීන පෙළපාළි සමරුම හෙට (03) දින රාජ්‍ය නායකයින් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
දෙවන ලෝක යුද්ධයෙන් ජයග්‍රහණය කර 80 වසරක සැමරුම චීන ජනපතිවරයාට ඉතා වැදගත් මුහුණුවරක් ගෙන තිබෙනවා.
වසර හතකට පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පැමිණීමත් 1959න් පසු පළමු වරට උතුරු කොරියානු නායකයෙකු චීන හමුදා පෙළපාළියකට සහභාගී වීමත් හමුවේ මෙම සැමරුම් පෙළපාලිය චීන ජනපතිවරයාට ඉතා වැදගත් තැනක් ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය හුව දක්වන්නේ.
ඒ අනුව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රැගත් දුම්රිය දේශසීමාව හරහා චීනයට ඇතුළු වී ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
ලෝකයේ වඩාත්ම හුදකලා රාජ්‍යයක් වන උතුරු කොරියාව, ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය සඳහා දිගු කලක් චීනය සහ රුසියාව මත විශ්වාසය තබා තිබෙනවා.
මේ අතර ඊයේ (01) අවසන් වූ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවට ද ලෝක නායකයින් 20 කට වැඩි පිරිසක් සහභාගී වූ බව සඳහන්.















