උතුරු කොරියානු නායකයා රැගත් දුම්රිය චීනයට ඇතුළු වෙයි

ජපානයේ යටත්වීමත් සමඟ දෙවන ලෝක යුද්ධයේ අවසානයත් චීන ආක්‍රමණික හමුදාවට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සනිටුහන් කරමින් සංවිධානය කර ඇති චීන පෙළපාළි සමරුම හෙට (03) දින රාජ්‍ය නායකයින් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

දෙවන ලෝක යුද්ධයෙන් ජයග්‍රහණය කර 80 වසරක සැමරුම චීන ජනපතිවරයාට ඉතා වැදගත් මුහුණුවරක් ගෙන තිබෙනවා.

වසර හතකට පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පැමිණීමත් 1959න් පසු පළමු වරට උතුරු කොරියානු නායකයෙකු චීන හමුදා පෙළපාළියකට සහභාගී වීමත් හමුවේ මෙම සැමරුම් පෙළපාලිය චීන ජනපතිවරයාට ඉතා වැදගත් තැනක් ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය හුව දක්වන්නේ.

ඒ අනුව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රැගත් දුම්රිය දේශසීමාව හරහා චීනයට ඇතුළු වී ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

ලෝකයේ වඩාත්ම හුදකලා රාජ්‍යයක් වන උතුරු කොරියාව, ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය සඳහා දිගු කලක් චීනය සහ රුසියාව මත විශ්වාසය තබා තිබෙනවා.

මේ අතර ඊයේ (01) අවසන් වූ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවට ද ලෝක නායකයින් 20 කට වැඩි පිරිසක් සහභාගී වූ බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30