උත්සව සමයේ දිවයින පුරා වෙළඳසැල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩි පරික්ෂාවට

එළඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා ව්‍යාපාරික ස්ථාන දැඩි පරීක්ෂාවකට ලක් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මේ සදහා දිවයින පුරා සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000ක් පමණ සහභාගී වන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ රසකාරක, පොල් තෙල් ඇතුළු උත්සව සමයේ ආහාර නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙම පරීක්ෂා කිරීම්වල දී විශේෂ අවදානයක් යොමුකරන බවයි.

මිලදී ගන්නා සෑම ආහාර ද්‍රව්‍යයකම නිෂ්පාදිත සහ කල් ඉකුත් වන දිනය සම්බන්ධයෙන් අවදානය යොමුකරන ලෙස ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම පරීක්ෂා කිරීම්වල දී කිසිදු ව්‍යාපාරිකයෙකු අපහසුතාවයට පත් කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අරමුණ නොවන බවත්, පාරිභෝගික ජනතාවට පරිභෝජනයට ගත හැකි උසස් ආහාර පාන මිලදී ගැනීමට අවස්ථාව සලසාදීම මෙහි අරමුණ බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?