උත්සව සමයේ දිවයින පුරා වෙළඳසැල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩි පරික්ෂාවට

එළඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා ව්‍යාපාරික ස්ථාන දැඩි පරීක්ෂාවකට ලක් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මේ සදහා දිවයින පුරා සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000ක් පමණ සහභාගී වන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ රසකාරක, පොල් තෙල් ඇතුළු උත්සව සමයේ ආහාර නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙම පරීක්ෂා කිරීම්වල දී විශේෂ අවදානයක් යොමුකරන බවයි.

මිලදී ගන්නා සෑම ආහාර ද්‍රව්‍යයකම නිෂ්පාදිත සහ කල් ඉකුත් වන දිනය සම්බන්ධයෙන් අවදානය යොමුකරන ලෙස ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම පරීක්ෂා කිරීම්වල දී කිසිදු ව්‍යාපාරිකයෙකු අපහසුතාවයට පත් කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අරමුණ නොවන බවත්, පාරිභෝගික ජනතාවට පරිභෝජනයට ගත හැකි උසස් ආහාර පාන මිලදී ගැනීමට අවස්ථාව සලසාදීම මෙහි අරමුණ බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14