උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි කිරීමේ චක්‍රලේඛයක්

උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දීමනාව වැඩි කිරීම සඳහා චක්‍රලේඛයක් ලබන සඳුදා වනවිට නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාසල් නිල ඇඳුම් බෙදා දීමේ උත්සවයට එක්වෙමින්.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කළේ කල්ගොස් පැවති උසස් පෙළ විභාගය ද සාර්ථක ව පවත්වා අවසන් කළ බවයි.

එහි උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට පරීක්ෂකවරුන් 19,000කගේ අවශ්‍යතාවක් පවතින අතර ඒ සඳහා ඉල්ලුම් කර ඇති ගුරුවරුන් 15,000ක සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන නිසා මේ වනවිටත් උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දීමනාව වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව නව චක්‍රෙල්ඛයට අනුව වෘත්තීය සංගම් උසස් පෙළ ලියූ දරුවන් ගැන සිතා සිය ප්‍රවීණ ගුරුවර ගුරුවරියන් උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා යොමු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07