spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි කිරීමේ චක්‍රලේඛයක්

උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දීමනාව වැඩි කිරීම සඳහා චක්‍රලේඛයක් ලබන සඳුදා වනවිට නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාසල් නිල ඇඳුම් බෙදා දීමේ උත්සවයට එක්වෙමින්.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කළේ කල්ගොස් පැවති උසස් පෙළ විභාගය ද සාර්ථක ව පවත්වා අවසන් කළ බවයි.

එහි උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට පරීක්ෂකවරුන් 19,000කගේ අවශ්‍යතාවක් පවතින අතර ඒ සඳහා ඉල්ලුම් කර ඇති ගුරුවරුන් 15,000ක සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන නිසා මේ වනවිටත් උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දීමනාව වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව නව චක්‍රෙල්ඛයට අනුව වෘත්තීය සංගම් උසස් පෙළ ලියූ දරුවන් ගැන සිතා සිය ප්‍රවීණ ගුරුවර ගුරුවරියන් උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා යොමු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?